කන්නයෙන් කන්නෙට
පැල් කොටෙ පිළිතුරු බැදන්
කවි කිවේ මං
මකන්නටමත් නෙවේයි නුඹෙ පාලු
හිතාගෙනමයි උන්නෙ
ඇලවෙන්න නුඹ එක්ක
එක පැල් කොටේ
එන කන්නෙ
වැටකඩොලු යා කරන්
කාලයක් පුරන් උණ
මේ හේන මම හිතුවෙ
වපුරන්න නුඹ එක්ක
කලු කරන් අහස් කුස
වැහි ලිහිණි හැඩලුවත්
සුනංගුයි මයේ අයියේ
මේ ඉඩෝරෙට වැහි බිංදු

No comments:
Post a Comment