Monday, May 29, 2017

තහනම්ය

විකල් අහසක් යට


විසල් ප්‍රේමයට


හිමි දඩුවමමියදීම....


ගැහෙන්නට දගලන හදවත


නැවතියන් දැන්ම තහනම්ය 


මේ හුස්ම 


ඒ සුසුම්


තැවරිච්ච...







සුපෙම්වත් සඳ
නුඹ වටා දිදුළන
සඳ රැහැන් වනු
අවැසි නැත
සොමි සිසිල මත
තුරුලුව හිඳින
කුමුද්දක් වනු
අවැසි නැත
සඳ රැහැන් එළි තරු නිවෙද්දී.....
කුමුදු සුවදින් සිත තැවෙද්දී.....
ඉදින් සඳවත
නුඹ වැළඳ ගමි
පාළු අහසක
තනිය නොම දෙමි
ගනඳුරයි මා.....
සඳට පෙම් බැදි



රූබරම නෙතු දිලෙන
ගත දැවටි
කොළ පැහැති සලු පොටින
නීල දිගු
නෙත් අඳන කෙහෙ රොදින...
සරන ඈ
කන්‍යාවකී
පෙර දිනක
ඈ උකුල් තළයේ
වැතිර සුව පහසේ
ඈ සේද සලු ඉරා
නිවාලන විට පහස
ඈ සිටියෙ හරි ආදරෙන්
නුඹ ගැනම
හංගාන කඳුලු කැට
උහුලන්න බැරි තැනම
හැඩුවාට අද මෙහෙම