Monday, November 13, 2017
එයයි ප්‍රේමය
සලම තැන්වල නිසල මොහොතක
හදට රහසින් එබෙනු හැකිනම්
රැයෙහි අවසන නෙත් පියෙන්නට පෙර
සිතෙහි අවදිව රැදෙනු හැකිනම්
දෙතොල් නොව එක් වරක් වත්
නුඹේ සිත මට සිඹිනු හැකිනම්
අනේ ... බලා හිදුමක තැවෙන ළතවුල
ඉතිං නුඹටත් දැනෙනවා නම්
.........එයයි ප්‍රේමය ..........
නුඹෙන් අයදින
Siithu
සුනංගුයි මයෙ අයියේ
සුනංගුයි මයෙ අයියේ
කන්නයෙන් කන්නෙට
පැල් කොටෙ පිළිතුරු බැදන්
කවි කිවේ මං
මකන්නටමත් නෙවේයි නුඹෙ පාලු
හිතාගෙනමයි උන්නෙ
ඇලවෙන්න නුඹ එක්ක
එක පැල් කොටේ
එන කන්නෙ
වැටකඩොලු යා කරන්
කාලයක් පුරන් උණ
මේ හේන මම හිතුවෙ
වපුරන්න නුඹ එක්ක
කලු කරන් අහස් කුස
වැහි ලිහිණි හැඩලුවත්
සුනංගුයි මයේ අයියේ
මේ ඉඩෝරෙට වැහි බිංදු

කන්නයෙන් කන්නෙට
පැල් කොටෙ පිළිතුරු බැදන්
කවි කිවේ මං
මකන්නටමත් නෙවේයි නුඹෙ පාලු
හිතාගෙනමයි උන්නෙ
ඇලවෙන්න නුඹ එක්ක
එක පැල් කොටේ
එන කන්නෙ
වැටකඩොලු යා කරන්
කාලයක් පුරන් උණ
මේ හේන මම හිතුවෙ
වපුරන්න නුඹ එක්ක
කලු කරන් අහස් කුස
වැහි ලිහිණි හැඩලුවත්
සුනංගුයි මයේ අයියේ
මේ ඉඩෝරෙට වැහි බිංදු

Thursday, October 19, 2017
පනස් වසරකට පසු - යලිත් තුන්මං හන්දියේ
ඉදින් බෝ කාලෙකින් - ආයෙමත් නුඹ මෙතන
සැදෑ කළ අඩ අඳුරේ - යන්තමට පෙනෙන ඇස්
පිස දමා යලිත් මම - බලමි මේ නුඹ නේද ?
කෝ... තාම ඒ සිනහා - ලොබු කටේ එහෙමමද...
අහන්නට ගොඩක් දේ - පොරකද්දී හිත අස්සේ
ඇත්තමයි මට හිතුනා - තව එක වරක් ඇලවෙන්න නුඹේ උරේ
ඒ අතරෙමයි නුඹ කිවේ - ''ගිහින් එන්නම්'' කියලා
ඉතින් මේ හැන්දෑ සමේ - කල් ඇතිද යලි හමු වන්න
සිහින් වෙව්ලුම් දෙන - දෑත අල්ලා වරක් ඇවිදින්න
කල් ඇතොත් හමුවන්න - මේ හන්දියෙන් බොහෝ දුර
ඒ නැතත් ''රණේ '' - නුඹ ඉස්සර උනොතින් කලින් මට
හිමිකම් කියමින් වැලපෙනා අය අතර - එන්නම් සමුදෙන්න
(අයිතියක් නොකියාම)
Tuesday, October 10, 2017
කොහොම තහනම් වුනිද
තරු පොකුරු දගලද්දී
හරි ආදරෙන් තවරාවී
සඳ පැහැය බිඳෙන් බිඳ
අයිතියක් නොකියම
සුළං රැළිවිත් රැදෙයි
රොන් සුවද අරන් මල්
ඉගිල යයි යලි එන්න.
මේ රසය නිති විඳින
කවිකාර ලෝකයක
කොහොම තහනම් වුනිද
නුඹ ගාව මට ඉන්න....
Friday, August 11, 2017
දේවදාසියෝ
දෙවියන්ගේ බිරිද වීම ගැහැණුන් තුළ ඇති ආකල්පය හින්දු හා කි‍්‍රස්තියා යන ආගම් දෙකෙහිම දක්නා ලැබේ.භගවත් පුරාණයෙහි සදහන් වන අන්දමට එඩේර සැමියන් ගේ බිරිදන් පිරිසක් ඔවුන් හැර දමා කි‍්‍රෂ්ණ දෙවියන්ගේ උණුහුම ලැබිමට ගොස් ඇත. දෙමළ සාන්තුනරියක් වන අන්දාල් තමා භලවාන් දෙවියා සමග විවාහ වී ඇතැයි විශ්වාස කළාය. දෙවියන් සරණ යන්නා සේම දෙවියන් සමග සරණ ගිය දේව දාසියන් නැමති කාන්තාවෝ ඈත අතීතයේ සිටම භාරතයේ ජීවත් උණාය. දේවාල ඇතුළේ මෙන්ම වේදිකාවල ද දේවදාසීන් දක්නට ලැබේ . ක‍්‍රම ක‍්‍රමයෙන් දේව දාසියන් පූසාරියන්ගේ සහ රජුන්ගේ මනදොල පිරවු නම්බුකාර වෛශ්‍යාවන් පිරිසක් වුහ . අද ඔවුන් ඉතාම සුළු මුදලකට ඔිනෑම කෙනෙකුගේ කාමාශාව සපයන්නන් පිරිසක් විය.

දේවදාසි ආරක්ෂා පනත 1934 සම්මත වුවද දේවදාසි සම්ප‍්‍රදාය සම්පූර්ණයෙන් බිද දැමීමට භාරත රජය සමත් වී නැත. භාරතය තුළ මෙවුන්ගෙන් කලාවට සිදු වූ මෙහෙය අති වීශාලය අද ද දක්ෂ සංගීතකාරීන් හා නළගනන් මොවුන් අතරින් බිහි වූවවන්ය
ඇගපත වැහිරුණු කළ බෙහෝ දේවවසෙීන් ගේ ඉරණම හිගමනය දේවදාසීන් පිළීබද ආගමික චාරිත්ත‍්‍රයේ සූලමුල සොයා බැපීමේ දී ඉපැරණි සුමේරියාවේ සෑම දෙවොලකයට වෙන්කරන ලද කාන්තාවන් පිරිසක් වියඒවායේ මෙහෙවරකම් කිරිම ද එසේත් නැතහොක් දෙවියන්ගේ මනු ලොව නියෝජිතයන් ගේ හොර අඹුවන් ලෙස ද ජිවත් විය
බොහෝ ආදිකාලීන ශිෂ්ඨාචාර වල කාන්තාවන් දෙවියන්ට පිදීමේ චාරිත‍්‍රයක් දක්නට ලැබිනි .ආර්යන්ගේ පුරාණ ග‍්‍රන්තයන්හි ද පූජනීය වෙසගනන් සම්බන්දව විස්තර වේ දේව දාසියන් බවට නිල වශයෙන් පත් කෙරෙනුයේ විවිත‍්‍ර චාරිත‍්‍ර පැවැත්විමෙන් පසුවය.
අවුරුදු හතරක නැටුම් පුහුනුවකින්පසු කළඑළි මගුළ රජු ඉදරි පිට පැවැත්වේඑහිදි ඇයට තාලෙයි කෝලෙයි නමින් උපාධියක් පිරිනැමුනේය. කාලග ගෙවීයාමත් සමග දේවදාසී චාරිත‍්‍රය කෙරෙහි රජ්ගේ අනුග‍්‍රහය ගිලිහිය ඔවුන්ගේ විශේෂ නැටුම් ක‍්‍රමයද අභාවයට ගියේය

දේවදාසි ආරක්ෂා පනත 1934 සම්මත වුවද දේවදාසි සම්ප‍්‍රදාය සම්පූර්ණයෙන් බිද දැමීමට භාරත රජය සමත් වී නැත. භාරතය තුළ මෙවුන්ගෙන් කලාවට සිදු වූ මෙහෙය අති වීශාලය අද ද දක්ෂ සංගීතකාරීන් හා නළගනන් මොවුන් අතරින් බිහි වූවවන්ය
ඇගපත වැහිරුණු කළ බෙහෝ දේවවසෙීන් ගේ ඉරණම හිගමනය දේවදාසීන් පිළීබද ආගමික චාරිත්ත‍්‍රයේ සූලමුල සොයා බැපීමේ දී ඉපැරණි සුමේරියාවේ සෑම දෙවොලකයට වෙන්කරන ලද කාන්තාවන් පිරිසක් වියඒවායේ මෙහෙවරකම් කිරිම ද එසේත් නැතහොක් දෙවියන්ගේ මනු ලොව නියෝජිතයන් ගේ හොර අඹුවන් ලෙස ද ජිවත් විය
බොහෝ ආදිකාලීන ශිෂ්ඨාචාර වල කාන්තාවන් දෙවියන්ට පිදීමේ චාරිත‍්‍රයක් දක්නට ලැබිනි .ආර්යන්ගේ පුරාණ ග‍්‍රන්තයන්හි ද පූජනීය වෙසගනන් සම්බන්දව විස්තර වේ දේව දාසියන් බවට නිල වශයෙන් පත් කෙරෙනුයේ විවිත‍්‍ර චාරිත‍්‍ර පැවැත්විමෙන් පසුවය.
අවුරුදු හතරක නැටුම් පුහුනුවකින්පසු කළඑළි මගුළ රජු ඉදරි පිට පැවැත්වේඑහිදි ඇයට තාලෙයි කෝලෙයි නමින් උපාධියක් පිරිනැමුනේය. කාලග ගෙවීයාමත් සමග දේවදාසී චාරිත‍්‍රය කෙරෙහි රජ්ගේ අනුග‍්‍රහය ගිලිහිය ඔවුන්ගේ විශේෂ නැටුම් ක‍්‍රමයද අභාවයට ගියේය
Thursday, August 3, 2017
Wednesday, August 2, 2017
දෙයියන්ගෙ දරුවෝ
වරහනෙන් එහා .....
පනත් නැති හදවතක
කෙටුම්පත් කළ පෙමක්
තිත් කොමා ගිලිහෙච්ච
එකම එක හැගිමක්
ගොළු වෙච්ච සිත්තමක
කවිකාර කතාවක්
නොකියාම තිත් පෙළක
හැරයාම විශ්මයක්
.............................
වරහනෙන් එහා
මගෙම වූ ලෝකයක්
!!!!!!!!!!!!!!!!!!!!!!!
Friday, July 21, 2017
වැරදි ඇමතුම
වැරදි නම්බරයක් වුනත්මං හිතුවෙ හරිම ඇමතුම කියලා
කවුරුත්ම නැති හිතට
එබි එබී නුඹ කීවෙ
දකින්නත් ආසයි කියලා
ඒකමයි මං නෙළුම්පොකුණෙන් බැස්සේ
එකම පාරක වුනත්
අපි ඇවිද්දෙ හරි දුරින්
හීනියට වැටුණු හිරිවැස්සේ
මං හෙව්වේ උඹේ අඩි විතරමයි
පාදපරිචාරිකාව වෙන්නමයි
හිතුවෙ මං
දිගම දිග සායෙ මඩ ඉහුණු වගක්
දැනුනෙ නෑ ඒ හින්දාම
අපි ඇවිද්දෙ හරි දුරින්
හීනියට වැටුණු හිරිවැස්සේ
මං හෙව්වේ උඹේ අඩි විතරමයි
පාදපරිචාරිකාව වෙන්නමයි
හිතුවෙ මං
දිගම දිග සායෙ මඩ ඉහුණු වගක්
දැනුනෙ නෑ ඒ හින්දාම
අහන්නට උන්න හැමදේම
ඔය දෙතොල් අස්සෙ හිරවෙද්දි
මං හෙව්වේ උඹේ ඇස්
දැකගන්න ආදරේ
මට බැරි වුනෙත් ඒකමයි
ඔය දෙතොල් අස්සෙ හිරවෙද්දි
මං හෙව්වේ උඹේ ඇස්
දැකගන්න ආදරේ
මට බැරි වුනෙත් ඒකමයි
අන්තිමේදි නුඹ කීවේ
ඔයා යන්න මං එන්නම් කියලා
පාර දිගටම හැරි හැරී
උඹේ රූපය හොයද්දියි
දැක්කෙ නෙළුම්පොකුණ
සුවද නැති මල්
පරවෙලා පාර දිගටම
හංසයොත් තරහින්
බිම බලා ගෙන
ඔයා යන්න මං එන්නම් කියලා
පාර දිගටම හැරි හැරී
උඹේ රූපය හොයද්දියි
දැක්කෙ නෙළුම්පොකුණ
සුවද නැති මල්
පරවෙලා පාර දිගටම
හංසයොත් තරහින්
බිම බලා ගෙන
ආයෙමත් වැරදි ඇමතුම
නුඹ ඇහුවෙ
පාර හරියට හොයා ගත්තද කියලා
කොහොමද මං කියන්නෙ
වැරදුණු තැන් බොහෝමයි කියලා
නුඹ ඇහුවෙ
පාර හරියට හොයා ගත්තද කියලා
කොහොමද මං කියන්නෙ
වැරදුණු තැන් බොහෝමයි කියලා
Wednesday, June 7, 2017
ලෙන්ගතුම අවසන
නොදොඩාම ඇද හැලෙන
හිරිකිතම වැස්සක වුව
ඇත්තේම දුක්බරම කෙදිරිල්ලකි
කිසිවෙකුට නෑසෙන
හැපි හැපී පොරබදන
සයුරු රළ අස්සේ
ඇත්තේම ළතැවුලකි
ගැඹුරුම තැනක සැගවුණ
දොඩමලූම තැන්වල
නිහඩවම විදගන්න
කදුලක
ඇත්තේම
රිදෙන බව දැන දැනම
සිපගන්න
ලෙන්ගතුම අවසනකි
මා හොදින් දැන සිටිය
Monday, May 29, 2017
තහනම්ය
විකල් අහසක් යට
විසල් ප්‍රේමයට
හිමි දඩුවමමියදීම....
ගැහෙන්නට දගලන හදවත
නැවතියන් දැන්ම තහනම්ය
මේ හුස්ම
ඒ සුසුම්
තැවරිච්ච...
Monday, May 22, 2017
ප්‍රේමය නම්
අවැසි නම්,
ප්‍රේමයක්ස
දාකාලික
සුවඳ තවරණ..
යා යුතුය
තනි මඟක
පියමැන
එහි....
හිමිත් අහිමිත්හ
මුවනා තැන
හුදකලාවේ
පටු වූ
මංපෙත
කෙලවරේ
එක්
අඳුරු කුටියකි
විදුම් රිදවුම් තැවුල්
පිසලන
බලාහිදුමකි.......
බවුන් වඩනා
සදාකාලික
ප්‍රේමයේ
සුවදෙන
Subscribe to:
Posts (Atom)








