Thursday, August 3, 2017
අවැසියි මට
උබේ නමින් මෙතෙක් කල්
පාලුවට ගිය මැදුර
එළි පෙහෙලි කර යලිත්
පෙර සුවද ගල්වන්න
ඒකමයි මේ තරම්
ෆිල්ටරෙත් ගිනි තියන්
හැම නහරයක් තුළම
හෙයන්නේ මම උඹව
කලතවා එ් මතක
ඇද දමමි එළියටම
දුම්රොටුත් සමගින්ම
නැතිවෙලා විසිරිලා
යන ලෙසට
පිටවෙයන් දැන් ඉතින්
පෙර මතක නොතබාම
නොමැති නම්
අළු කරමි මුළු මැදුර
දැවි දැවී
යලි යලිත්
උඹේ නමින්
මියදෙන්න
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)