Monday, November 13, 2017
එයයි ප්‍රේමය
සලම තැන්වල නිසල මොහොතක
හදට රහසින් එබෙනු හැකිනම්
රැයෙහි අවසන නෙත් පියෙන්නට පෙර
සිතෙහි අවදිව රැදෙනු හැකිනම්
දෙතොල් නොව එක් වරක් වත්
නුඹේ සිත මට සිඹිනු හැකිනම්
අනේ ... බලා හිදුමක තැවෙන ළතවුල
ඉතිං නුඹටත් දැනෙනවා නම්
.........එයයි ප්‍රේමය ..........
නුඹෙන් අයදින
Siithu
සුනංගුයි මයෙ අයියේ
සුනංගුයි මයෙ අයියේ
කන්නයෙන් කන්නෙට
පැල් කොටෙ පිළිතුරු බැදන්
කවි කිවේ මං
මකන්නටමත් නෙවේයි නුඹෙ පාලු
හිතාගෙනමයි උන්නෙ
ඇලවෙන්න නුඹ එක්ක
එක පැල් කොටේ
එන කන්නෙ
වැටකඩොලු යා කරන්
කාලයක් පුරන් උණ
මේ හේන මම හිතුවෙ
වපුරන්න නුඹ එක්ක
කලු කරන් අහස් කුස
වැහි ලිහිණි හැඩලුවත්
සුනංගුයි මයේ අයියේ
මේ ඉඩෝරෙට වැහි බිංදු

කන්නයෙන් කන්නෙට
පැල් කොටෙ පිළිතුරු බැදන්
කවි කිවේ මං
මකන්නටමත් නෙවේයි නුඹෙ පාලු
හිතාගෙනමයි උන්නෙ
ඇලවෙන්න නුඹ එක්ක
එක පැල් කොටේ
එන කන්නෙ
වැටකඩොලු යා කරන්
කාලයක් පුරන් උණ
මේ හේන මම හිතුවෙ
වපුරන්න නුඹ එක්ක
කලු කරන් අහස් කුස
වැහි ලිහිණි හැඩලුවත්
සුනංගුයි මයේ අයියේ
මේ ඉඩෝරෙට වැහි බිංදු

Subscribe to:
Posts (Atom)