Wednesday, August 2, 2017
දෙයියන්ගෙ දරුවෝ
දෙයියෝ දුන් හාද්දට
රත් වුණා කම්මුලම
තුන් මස
පිරෙන විට
දරු ගැබට
මෝරපන් රහසේ
නොපෙනෙන්ට
මරියා
නොවුණු පාපෙට
පහන් තරු නැති රැක
ස්වර්ගය හිමිය
උපතටත් පෙර
දරු ගැබට
වරහනෙන් එහා .....
පනත් නැති හදවතක
කෙටුම්පත් කළ පෙමක්
තිත් කොමා ගිලිහෙච්ච
එකම එක හැගිමක්
ගොළු වෙච්ච සිත්තමක
කවිකාර කතාවක්
නොකියාම තිත් පෙළක
හැරයාම විශ්මයක්
.............................
වරහනෙන් එහා
මගෙම වූ ලෝකයක්
!!!!!!!!!!!!!!!!!!!!!!!
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)