Friday, August 11, 2017

දේවදාසියෝ

දෙවියන්ගේ බිරිද වීම ගැහැණුන් තුළ ඇති ආකල්පය හින්දු හා කි‍්‍රස්තියා යන ආගම් දෙකෙහිම දක්නා ලැබේ.භගවත් පුරාණයෙහි සදහන් වන අන්දමට එඩේර සැමියන් ගේ බිරිදන් පිරිසක් ඔවුන් හැර දමා කි‍්‍රෂ්ණ දෙවියන්ගේ උණුහුම ලැබිමට ගොස් ඇත. දෙමළ සාන්තුනරියක් වන අන්දාල් තමා භලවාන් දෙවියා සමග විවාහ වී ඇතැයි විශ්වාස කළාය. දෙවියන් සරණ යන්නා සේම දෙවියන් සමග සරණ ගිය දේව දාසියන් නැමති කාන්තාවෝ ඈත අතීතයේ සිටම භාරතයේ ජීවත් උණාය.  දේවාල ඇතුළේ මෙන්ම වේදිකාවල ද දේවදාසීන් දක්නට ලැබේ . ක‍්‍රම ක‍්‍රමයෙන් දේව දාසියන් පූසාරියන්ගේ සහ රජුන්ගේ මනදොල පිරවු නම්බුකාර වෛශ්‍යාවන් පිරිසක් වුහ . අද  ඔවුන් ඉතාම සුළු මුදලකට ඔිනෑම කෙනෙකුගේ කාමාශාව සපයන්නන් පිරිසක් විය.
Image result for ගණිකාව

දේවදාසි ආරක්ෂා පනත 1934  සම්මත වුවද දේවදාසි සම්ප‍්‍රදාය සම්පූර්ණයෙන් බිද දැමීමට භාරත රජය සමත් වී නැත. භාරතය තුළ මෙවුන්ගෙන් කලාවට සිදු වූ මෙහෙය අති වීශාලය අද ද දක්ෂ සංගීතකාරීන් හා නළගනන් මොවුන් අතරින් බිහි වූවවන්ය

ඇගපත වැහිරුණු කළ බෙහෝ දේවවසෙීන් ගේ ඉරණම හිගමනය දේවදාසීන් පිළීබද ආගමික චාරිත්ත‍්‍රයේ සූලමුල සොයා බැපීමේ දී ඉපැරණි සුමේරියාවේ සෑම දෙවොලකයට වෙන්කරන ලද කාන්තාවන් පිරිසක් වියඒවායේ මෙහෙවරකම් කිරිම ද එසේත් නැතහොක් දෙවියන්ගේ මනු ලොව නියෝජිතයන් ගේ හොර අඹුවන් ලෙස ද ජිවත් විය

බොහෝ ආදිකාලීන ශිෂ්ඨාචාර වල කාන්තාවන් දෙවියන්ට පිදීමේ චාරිත‍්‍රයක් දක්නට ලැබිනි .ආර්යන්ගේ පුරාණ ග‍්‍රන්තයන්හි ද පූජනීය වෙසගනන් සම්බන්දව විස්තර වේ දේව දාසියන් බවට නිල වශයෙන් පත් කෙරෙනුයේ විවිත‍්‍ර චාරිත‍්‍ර පැවැත්විමෙන් පසුවය.

අවුරුදු හතරක නැටුම් පුහුනුවකින්පසු කළඑළි මගුළ රජු ඉදරි පිට පැවැත්වේඑහිදි ඇයට තාලෙයි කෝලෙයි නමින් උපාධියක් පිරිනැමුනේය. කාලග ගෙවීයාමත් සමග දේවදාසී චාරිත‍්‍රය කෙරෙහි රජ්ගේ අනුග‍්‍රහය ගිලිහිය ඔවුන්ගේ විශේෂ නැටුම් ක‍්‍රමයද අභාවයට ගියේය