Thursday, October 19, 2017

පනස් වසරකට පසු - යලිත් තුන්මං හන්දියේ


ඉදින් බෝ කාලෙකින් - ආයෙමත් නුඹ මෙතන 
සැදෑ කළ අඩ අඳුරේ - යන්තමට පෙනෙන ඇස්
පිස දමා යලිත් මම - බලමි මේ නුඹ නේද ?
කෝ... තාම ඒ සිනහා - ලොබු කටේ එහෙමමද...


අහන්නට ගොඩක් දේ - පොරකද්දී හිත අස්සේ
ඇත්තමයි මට හිතුනා - තව එක වරක් ඇලවෙන්න නුඹේ උරේ
ඒ අතරෙමයි නුඹ කිවේ - ''ගිහින් එන්නම්'' කියලා
ඉතින් මේ හැන්දෑ සමේ - කල් ඇතිද යලි හමු වන්න


සිහින් වෙව්ලුම් දෙන - දෑත අල්ලා වරක් ඇවිදින්න
කල් ඇතොත් හමුවන්න - මේ හන්දියෙන් බොහෝ දුර 
ඒ නැතත් ''රණේ '' - නුඹ ඉස්සර උනොතින් කලින් මට

හිමිකම් කියමින් වැලපෙනා අය අතර - එන්නම් සමුදෙන්න

(අයිතියක් නොකියාම)

Tuesday, October 10, 2017

කොහොම තහනම් වුනිද



Image result for love and romance artගොම්මනේ සීතලට
තරු පොකුරු දගලද්දී
හරි ආදරෙන් තවරාවී
සඳ පැහැය බිඳෙන් බිඳ

අයිතියක් නොකියම
සුළං රැළිවිත්  රැදෙයි
රොන් සුවද අරන් මල්
ඉගිල යයි  යලි එන්න.

මේ රසය නිති විඳින
කවිකාර ලෝකයක
කොහොම තහනම් වුනිද

නුඹ ගාව මට ඉන්න....